පොල්පිතිගම ඡාතික පාසල

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

WhatsAppImage2025-02-24at194705.jpeg
WhatsAppImage2025-02-24at194705.jpeg

1899 වර්ෂයේ දී ස්වභාෂා පිරිමි පාඨශාලාව නමින් ආරම්භ කරන්නට යෙදුණ මෙම පාසලෙහි ආරම්භක විදුහල්පිති ධූරය දරන ලද්දේ රන්බණ්ඩා මහතාය. එතුමාට සහය දුන් තවත් එක් ගුරු භවතෙකු සිටිය බවද දැන ගන්නට තිබේ. ළමුන් 6 දෙනෙකුගෙන් ආරම්භ කරන්නට යෙදුණ මෙහි මංගල ගොඩ නැගිල්ල ඉදිවූයේ කටු මැටි සහිත වූ පොල් අතු සෙවිල්ලන ලද ගොඩනැගිල්ලක් ලෙසිනි. මෙලෙස ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ 1901 වර්ෂයේ දී ළමුන් 71 දෙනෙක් අධ්‍යාපනය ලැබූ අතර ගුරු භවතුන් එක් අයෙක් පමණක් එයට දායක විය.

1940 ගණන් වන විට මෙම විද්‍යාලය පොල්පිතිගම කණිෂ්ඨ විද්‍යාලය නමින් ප්‍රදේශයේ නම් දැරූ අතර වසරින් වසර පාසල් අධ්‍යාපනය හදාරන්නට පැමිණි ළමුන් පිරිස ද ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. 1960 ගණන් වන විට මෙම විද්‍යාලය ජනප්‍රිය වූයේ කිත්සිරි මහා විද්‍යාලය නමිනි.

1980 දශකය වන විට පොල්පිතිගම මහා විද්‍යාලය නමින් නාමය වෙනස් කරන්නට යෙදුණි. නැවත 1980 දශකයේ දී පොල්පිතිගම මධ්‍ය මහා විද්‍යාලය ලෙස නම් කරන ලදි.

1994 වර්ෂයේ දී සමෙලෙස ආ ගමන් සිහට නව මුහුණුවරත් දෙමින් මෙම පාසල පොල්පිතිගම ජාතික පාසල ලෙස නම් කරන ලදී.

2023 අවුරුදු 124 ක් සපිරෙන මෙම පාසල අද වන විට ළමුන් 1200 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබයි. 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ද විද්‍යාහ,වාණිජ,කලා සහ තාක්ෂණ්ත විෂයන් වලින් උසස් පෙළ අංශය ද සමන්විතය, වර්තමානයේ ගුරු නවතුන් 65 ත් පමන ඉගැන්වීම් කටයුතු සතුටුදායක අන්දමින් පවත්වාගෙන යයි.

ආරම්භ කළ වර්ෂය

1899 වර්ෂයේ දී

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 06

මුල් ගුරුතුමාගේ නම

 ___

පාසලේ ආදි කතෘගේ නම

 ___

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 01

පාසලේ නම

 ස්වභාෂා පිරිමි පාඨශාලාව

පාසල භාරව කටයුතු කිරීම

 රන්බණ්ඩා මහතා

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 ඇම්.ඒ.එමානිසා

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 1989