පොල්පිතිගම ඡාතික පාසල

නිර්මාතෘවරු

Children's Day Celebration

WhatsAppImage2025-02-24at194705.jpeg
WhatsAppImage2025-02-24at194705.jpeg
 

1899 වර්ෂයේ දී ස්වභාෂා පිරිමි පාඨශාලාව නමින් ආරම්භ කරන්නට යෙදුණ මෙම පාසලෙහි ආරම්භක විදුහල්පිති ධූරය දරන ලද්දේ රන්බණ්ඩා මහතාය. එතුමාට සහය දුන් තවත් එක් ගුරු භවතෙකු සිටිය බවද දැන ගන්නට තිබේ. ළමුන් 6 දෙනෙකුගෙන් ආරම්භ කරන්නට යෙදුණ මෙහි මංගල ගොඩ නැගිල්ල ඉදිවූයේ කටු මැටි සහිත වූ පොල් අතු සෙවිල්ලන ලද ගොඩනැගිල්ලක් ලෙසිනි. මෙලෙස ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ 1901 වර්ෂයේ දී ළමුන් 71 දෙනෙක් අධ්‍යාපනය ලැබූ අතර ගුරු භවතුන් එක් අයෙක් පමණක් එයට දායක විය.